Sunday, May 29, 2011

දෙවන කොටස

වෙනදා උදේ හත පහු වෙනකම් නිදා ගන්න ක්ෂිතිජ අද වෙනදාට වඩා කලින් ඇහැරුණේ අලුත් පංතියේ පළවෙනි දවස නිසා වෙන්නැති කියලා ක්ෂිතිජගේ අම්මට හිතුණා. වෙනදා ඒකට අම්මලා උනත් ඒ තරම් උනන්දු නොවුනේ ගේ ළඟම ඉස්කෝලේ තිබුණු නිසයි.

 ´´ පුතා ටිකක් ඉක්මන් කරන්න.... `` අම්මා පුරුදු සීඩි එක වාදනය කලා. අලුත් සුදු කලිසම ඇදලා ඉස්කෝලේ යන අවුරුද්දේ පළවෙනි දවස නිසා ටිකක් වැඩිපුර ජෙල් ටිකක් ගාන්න ක්ෂිතිජ අමතක කලේ නැහැ. කොටට කොටේ නිල් කලිසමට ආයුබෝවන් කියපු කොල්ලෝ සේරම සුදු දිග කලිසම් ඇදගෙන අලුත් පංතිය ලැබෙන කං තැන් තැන්වලට වෙලා පොඩි කයියක් දාගෙන හිටියා. 

´´ සත්තු වගේ කෑ ගහන්නේ නැතුව පෝලිම් වලට යනවා... හරක් පැටව් `` 

අතට අහුවෙච්ච පොලු කෑල්ලක් උස්සං ´´මස් වැද්දා`` පිට්ටනියේ කොල්ලො ටික පන්නනවා. මස් වැද්දා කියලා කිව්වේ ක්ෂිතිජලගේ විනයභාර ගුරා ට. කොල්ලොන්ව මරං කන්න හදන නිසා මේ නමින් සර්ව භෞතීස්ම කරන්න කොල්ලො පුරුදු වෙලා හිටියා.

´´ තමුසේ දැන්ද ඉස්කෝලේ එන්නේ.... උඹේ අප්පගේ අම්මගේ බූදලයක් ද ඕයි මේක.... ``

 මළ කෙලියයි මස්වැද්දා පොල්ල උස්සගෙන ක්ෂිතිජ ඉන්න පැත්තට එනවා. ක්ෂිතිජ වැඩේ කෙල වුණු බව දැන ගෙන වටපිට බැලුවේ සහනාධාරයක් කොහෙන් හරි කැරකිලා ඒවී කියන විස්වාසෙන්.

´´ අනේ සර්.. මමයි ක්ෂිතිජ ව කඩේට ඇරියේ...`` පිටිපස්සෙන් ඇහුණු ඒ ස්වීට් වොයිස් එක කාගේදැයි බලන්න අනිත් පැත්ත හැරුණු ක්ෂිතිජ දැක්කේ සිංහල මිස් ව. චන්ද්‍රිකා මිස් කවදත් ක්ෂිතිජ ට හරිහිතවත්. උඩ ඉන්න දෙවියොත් වේලාවට මූණ බලනවා කියලා ක්ෂිතිජට එවේලෙම හිතුණා.

´´ ආ... මිස් එහෙනම් කමක් නෑ... මම හිතුවේ මූ කොහේ හරි වලක් බැහැලා දැන් රිංගනවා කියලා..... හරි මිස් යන්න... තමුසේ දැන් රැස්වීමට යනවා... මිස්ටත් පු෾එවන්නම් ඉක්මන් කරලා එන්න... රැස්වීමට වේලාව හරි... `` 

ක්ෂිතිජ මිස් දිහා බැලුවේ තැන්ක්යු කියන අදහසින්, මිසුත් කට කොනකින් හිනාව දා ගෙන යන්න ගියා.

´´ ආ... පැණි කුරුල්ලා... කොහෙද රහත් වෙලා හිටියේ... `` ගයාන් ක්ෂිතිජගේ පිටට පහරක් ගහන ගමන් ඇහුවා.

´´ නෑ මචං, එනකොට මස් වැද්දට මාට්ටු උනා නේ ``

´´ පෝරියල් එක කෑවද මල්ලි ``

´´ වේලාවට චන්ද්‍රිකා මිස් එන්ටර් වුණු නිසා බේරුණා, නැත්නම් නිව් පින්ච් එක වැද්දාම දෙනවා``

ගයාන් කියන්නේ ක්ෂිතිජගේ බොක්ක. කොහේ ගියත් දෙන්න එකට. අදුරගෙන වැඩි කාලයක් නැතත් දෙන්න හරි ඉක්මනට සෙට් උනේ දෙන්නගෙම අදහස් හුඟක් දුරට සමාන වෙච්ච නිසයි. 

´´ මචං උඹ රැස්වීමට යනවද ? ``

´´ පිස්සු ද බං , අපි කැන්ටින් එක පැත්තෙන් පංතියට රිංගමු ``

`` අලුත් පංතිය තියෙන තැන ක්ෂිතිජ දන්නව ද ?``

´´ නෑ බං කොහේ හරි පංතියකට වෙලා ඉමු ``

´´ හරි යමං එහෙනම් ``

රැස්වීම ඉවර වෙලා කට්ටයම ආවා. ගයාන් වෙන පංතියකට දාලා තිබුණේ. ඕලේවල් පංති හයක් තිබුණු නිසා එක  පංතියකට පනහක් විතර වැටිලා තිබුණා. 

´´ අද හවස අර විද්‍යාව පංතිය පටන් ගන්නවා.. උඹ එනවද ? `` ගයාන් එහෙම ඇහුවේ ඉන්ටවල් එකට සෙට් වෙන ගමන්.

´´ බෝරිං වෙයිද දන්නෙ නෑනේද මචං... ම්ම්... කමක් නෑ... කීයද ක්ලාස් ෆීස් එක ? ``

´´ දෙසිය පනහයි... ඒ වුණාට පාඩු නෑලූ බං... ඒ මිස් එලකිරි කියලා ගිය අවුරුද්දේ උන් කියනවා ``

´´ යමං එහෙනම්... හවසට මම එන්නම් උඹේ ගෙදරට... ``

´´ දවල්ට කන්න අපේ ගෙදර වරෙන් ``

ගයාන් ගේ ලොකු අක්කා ගේ කෑම එක කොහොමත් රසයි. ක්ෂිතිජ ගොඩක් වේලාවට දවල්ට එහේ ගිහින් කෑම කාලා හවස් වෙලා තමයි ගෙදර යන්නේ. 

´´ හරි මචං... මම එන්නම් ``

´´ අපි එහෙනම් කැපුණා... හවසට හම්බ වෙමු... ``

**********
පංතිය පටන් ගන්නේ තුනට නිසා ක්ෂිතිජ ගයාන් එක්ක ටිකක් කලින් පිටත් උනේ පළවෙනි දවසෙ වේලාවට යන්න ඕන නිසා. ක්ෂිතිජ ට තිබුනේ ටිකක් පරණ බයිසිකලයක්. ගියර් දාන බයික් එකක් ගන්න ඕන කියලා සෑහෙන්න කාලයක් ට්‍රයි එකක් දුන්නත් ස්පෝර්ට් බයික් එක විකුණගන්න පරන ණයකාරයෙක් සෙට් කර ගන්න ක්ෂිතිජට බැරි උණා.

´´ මචං .. කට්ටිය වැඩිය නෑ වගේ නේ... ``

´´ ඒක තමයි මාත් බැලුවේ... එක කොල්ලයි ඉන්නේ... ``

´´ කෙල්ලෝ නම් යායක් ඉන්නවා බං ``

´´ උඹට පැණි කුරුල්ලා කියන්නේ නිකං නෙවෙයිනේ.... ``

´´ යමං ඇතුළට.... මෙතැන ඉදන් පේන කියන්නේ නැතුව.. ``

දෙන්නම ඇතුළට ගිහින් ක්ලාස් එකට ඇතු෾එ වුණා. පංතියක් කිව්වට ඒක ගෙයක්. දිග මේසයක් දාලා දෙපැත්තට බංකු දාලා තිබුණේ. 

´´ මචං මාරයි... කෙලින්ම කෙල්ලෝ ඉස්සරහ... සැප කනේ ... ``

´´ මට තේරුණේ නැහැ ක්ෂිතිජ ?``

´´ ඇයි බං.... ගල් උඩ මල් ... මල් යට පැණි.... හහ් හහ් හා ....``

´´ ආහ් මට දැණුයි තේරුණේ... වලත්තයා.... ``

´´ අපෝ උඹ බබා... අනේ පළයන් ගල් ඉබ්බෝ යන්න ``

´´ ආපු වැඩේ කර ගනින් මෙතැන... හරිද... ``

´´ හරි හරි බං... ``

ක්ලාස් එක පටන් ගත්තා. මිස් ටිකක් විතර වයසයි.  හැබැයි උගන්වනවා අහන් ඉන්න මාර ආසයි. හරි ලස්සනට හිතට වදින්න කියලා දෙනවා. පංතියේ හිටියේ ඕක්කොම කොල්ලො තුන් දෙනයි. කෙල්ලෝ නම් අට දෙනෙක් විතර හිටියා. එතන හිටිය මුස්ලිම් කෙල්ල ඇරෙන්න අනිත් උන් නම් කිසි ගතියක් නෑ. ක්ෂිතිජ පංතියේ ඉන්ටවල් එකක් දෙනකං ඉදලා ගයාන් ගේ කණට ලං වුණා.

´´ මචං .. මුං ටික නම් මෙලෝ රහක් නෑ... ``

´´ ඔව් බං අර මුස්ලිම් කෙල්ල ඇරෙන්න අනිත් උන් නම් අජූතයි.. කූජිතයි... ``

´´ මූණවල් නිකං ලොරියක හැප්පිලා වගේ... හැබැයි හිතන් ඉන්නේ හරි බඩු කියලා.... ``

´´ මුස්ලිම් එක දිහා නම් බලන්න එපා... උඹේ තියෙන එකිනුත් අතිරික්තයක් තමයි ඉතුරු වෙන්නේ සම්ඡ්චේදනය කලාම.... ``

ගයාන් ගේ කථාවට ක්ෂිතිජ ට හයියෙන් හිනා ගියා. ගයාන් පටස් ගාලා කකුල පෑගුවේ පංතියේ මිස් එන සද්දේ ඇහුණු නිසා.

´´ යා෾එවෝ දෙන්න මොකද හිනා වෙන්නේ... ``

´´ නෑ මිස් මොකු නෑ `` ගයාන් සිරිත් පරිදි පැනලම දුන්නා.

´´ විද්‍යාව සම්බන්ධ කාරණාවක් නෙවේ වෙන්න ඇති... ``

ක්ෂිතිජ ගයාන් කට අරින්න ඉස්සෙල්ලා අතින් ඇන්නේ කට වරද්ද ගනී කියලා බයේ. අලුත් පංතියක පළවෙනි දවසෙම චාටර් වෙන්න ඕන කමක් කිසිම කොල්ලෙකුට නෑනේ. මූට මේක තේරෙන්නෙ නෑනේ. ක්ෂිතිජ හිතින් තමන්ටම කියා ගත්තා. පංතිය ඉවර වෙලා යා෾එවො දෙන්න ටවුන් එක පැත්තට ගියේ ගයාන්ට සීඩි එකක් ගන්න. ගයාන් ට ලොකු ඩී.ජේ පිස්සුවක් තිබුණු නිසා අලුත් සිංදු සීඩි එකක් ගන්න ඕන කියලා දෙන්නත් එක්කම ගියා. 
**********
ඊළග කොටස 2011 ජුනි මස 06 වෙනිදා

Sunday, May 22, 2011

පළමු කොටස

ඈත අහසේ ටිකෙන් ටික ගිනියම් වෙලා, පළාතම තැඹිලි පාට කරමින් කොටු පවුරේ ඔරලෝසු කණුවට කෙලින් ඉර පහත් වෙන හැටි ක්ෂිතිජ ආසාවෙන් බලන් හිටියා. දවස පුරා නගරයේ ඒමේ අත පියාඹමින් සැරිසරන ලද කුරු෾එ රංචු ගණන් රෑන පිටින් සමනල පාලම උඩින් පියාඹිනවා.  සමනල පාලමේ හරිමැදට වෙලා අත් අල්ලගෙන ඇවිදින කවුදෝ ජෝඩුවක් පුංචියට පේනවා. හරියටම පැහැදිලි නැති උනත් ඊයෙත් මේ දෙන්නා මෙතැනට ආවා කියලා ක්ෂිතිජ ට මතක් උනා. අතීතය එක පාරටම චිත්‍රපටියක් වගේ මැවිලා පෙනන හැටි දැකලා ක්ෂිතිජ ට දිග හුස්මක් පිට උනා. සයුරිත් එක්ක මෙහෙම අත් අල්ලගෙන, ධර්මපාල පාර්ක් එකින් ඇතුල් වෙලා සමනල පාලම උඩ වරු ගණනක් ගත කල හැටි, ඊට පස්සේ කොටු තාප්පෙ උඩ කවුරුත් එන්නෙ නැති හරියක වාඩිවෙලා ඉර බැහැගෙන යන හැටි බලං ඉන්න සයුරි හරි ආසයි කියලා මතක් වෙද්දිම වැඩි වයසක් නැති තවත් ජෝඩුවක් ක්ෂිතිජ ව පහු කර ගෙන ගියා. ගෑණූ ළමයා ටිකක් දැකලා පුරුදු වගෙ නිසාම තව පාරක් හැරිලා බැලුවේ අදුරන කෙනෙක් ද කියලා සැක ඇරලා දැන ගන්න. කෙල්ලත් කොල්ලාගේ ඉණෙන් අල්ල ගෙන තද කරගෙන යන්නේ කොහේ හරි ඉදන් ඇවිත් වෙන කෙල්ලෙක් තමන්ගෙන් උදුර ගනී කියලා බයට වෙන්න ඇති. ක්ෂිතිජ ට එහෙම හිතුණා.

´´ කොහේ ද යන බැල්මට් කෙනෙක් ද කොහෙද... ඔයා බය වෙන්න එපා බබා... ඔයා නැත්තම් මම දන්නවා කරන්න ඕන වැඩේ.... ``

කොල්ලා ටිකක් හයියෙන් කිව්වේ දෙපාරක් විතර හැරි හැරී බැලුව නිසා වෙන්න ඇති. ඒ කථාවට උත්තර දෙන්න ක්ෂිතිජ ට හිත නොදුන්නේ කොටු තාප්පේ උඩ මේ වෙලාවට කොල්ලොන්ගේ කෙල්ලන්ගේ ලව් දිහා සෙම පෙර පෙර බලන් ඉන්න බැල්මට් ලා ඕනතරම් ඉන්න බව මතක් වෙච්ච නිසයි. ´´ මම එහෙම එකෙක් නෙවෙයි යකෝ ``කියලා පපුවේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්න  බැරි නිසා හිතට ආපු සියම් කේන්තිය ක්ෂිතිජ මග ඇර ගත්තා. දවසක් සයුරිත් එක්ක කොටු තාප්පේ උඩ ඉන්න කොට අවුරුදු තිස් පහක, හතලිහක විතර මනුස්සයෙක් ගල් කු෾එණක් අස්සෙන් එබි එබී බලපු හැටි මතක් වෙද්දි ඇඟ පුරා එදා නැගපු හිරිගඩු ආපහු පිපෙනවා වගේ ක්ෂිතිජ ට දැනුණා. එදා සයුරි ඇදන් ආපු සාය උඩ යන දිහා ඒ මිනිහා බලන් හිටියේ තමන්ට කියලා සහෝදරියක් නැති ගාණටයි කියලා සයුරි කිව්වත් බස් ස්ටෑන්ඩ් එකට එනකං සයුරිටත් දෙහි කප කප ආපු හැටි ක්ෂිතිජ ට මතක් උණා.

´´ මේ වගේ තැනකට එනකොට දිග කලිසමක් ඇදං එන්න බැරිද ? කර පේන බ්ලවුස්, සාය කෑලි ගහං එන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ ... දැන් ඉතින් හොඳ වැඩේ.... අතාල් නේ.... නාකි මනමාලයෝ එබිකං කර කර බලන කොට.... කොහෙද ඉතින් ..... ඇගේ තරමට මොලේ නෑනේ.... ``
කොච්චර බැන්නත් ඒවා ගණන් ගන්නේ නැතිව හිනා වෙලා ඉන්න පු෾එවන් පුරුද්දක් සයුරිට තිබුණා. ඒ දවස මතක් වෙද්දි හිතේ පුංචි කොණක ඇති වෙච්ච සියුම් වේදනාවක් පපුව වසා ගන්නවා වගේ ක්ෂිතිජ ට දැණුනා.

´´වේලාව හතට ත් ළඟයි වගේ`` එහෙම හිතලා ඔරලෝසුව දිහා බලපුවාම තමයි දැක්කේ වේලාව හතයි කාලයි කියලා. ´´යන්න වේලාව හරි`` තමන්ටම කියා ගත් ක්ෂිතිජ කොටු තාප්පෙන් පහලට බැස්සේ හවස් වරුව පුරාම කොටු තාප්පේ උඩ පෙම් සුව විදපු එක එක වර්ගයේ ජෝඩු ගණනාවක් පහු කරමින්. ඒ අතර අවුරුදු හතලිහක විතර පෙනුම තියෙන කපල් එකක් දැකපු ක්ෂිතිජ ට කට කොණකින් හිනා ගියේ ´´ මේ දෙන්නට ලව් කරන්න මතක් වෙලා තියෙන්නේ මේ කාලේ වෙන්නැති`` හිතට ආපු සිතිවිල්ල නිසයි. සමහර විට හොර ලව් එකක් ද දන්නෙ නෑ... ක්ෂිතිජ ම නඩු තීන්දුව දුන්නා...  මාත් මාර පිස්සෙක් තමයි කියලා හිතන කොටම කොටු තාප්පේ උඩ ඉදන් වේගයෙන් දුව ගෙන ආපු පොඩි එකෙක් එක පාරටම පාර හරහා පනින්න ට්‍රයි එකක් දැම්මා. ක්ෂිතිජ පැනපු ගමන් පොඩි එකා අල්ලා ගත්තේ නැත්තම් පහළින් ආපු මෝටර් සයිකලේ ට පොඩි එකා අහු වෙනවා. අම්මයි තාත්තයි දුවගෙන ආවට වැඩක් වෙන්නේ නෑ තව විනාඩියක් පහු උණා නම්.

´´ අනේ තෑන්ක්ස් මල්ලී `` පොඩි එකාගේ අම්මා එහෙම කිව්වා. ´´ මම කියලා තියෙනවා නේද පුතාව අල්ලගෙන පහළට බහින්න කියලා `` කොල්ලාගේ තාත්තා දෝස් මුරේ දැම්මේ අම්මට. ඕක ඉතින් පිරිම්න්ගේ ස්ටයිල් එකනේ කියලා මතක් වෙද්දි ක්ෂිතිජ ට හිත ඇතුලෙන් හිනා ගියා. ´´ යන්නම් මල්ලි`` කියලා කට්ටියම බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. තමන්ට ඉදිරියෙන් යන මේ පුංචි පවුල දැකලා ක්ෂිතිජ ට එක පාරටම දිග හුස්මක් පිට උනේ අතීතයේ කරපු තවත් එක ප්‍රාර්ථනාවක් හිතට ඇවිත් හිත ඇතුලෙම පුංචි රළ පහරක් වගේ බිඳිලා ගිය බව තමන්ටම දැණුනු හින්දයි.

තවත් කොටසක් ලබන සඳුදා (2011-05-30)

ආයුබෝවන් සබඳ

අතීතයේ එක කාලයක සිදුවූ සත්‍ය සිදුවීම් කිහිපයක් එකට අමුණලා කථාවක් ලෙසින් බ්ලොග් අඩවියක අකුරු කරන්න ඕන කියලා කල්පනා කලා. මෙහි එන හුගාක් සිද්ධි වලට සම්බන්ධ අය මුණුපොතේ මගේ පිටුවේ ඉන්නවා.

කථාව '' සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා " කියලා නම් කලා.

හැම සතියකම සඳුදා උදේ කථාව අන්තර්ජාලයට එකතු කරන්න අදහස් කර ගෙන ඉන්නවා.

කථාව ගැන ඔබේ අදහස් ඉතා ඉහළින් අගය කරනවා. යෝජනා, චෝදනා තියෙනවා නම් කොමෙන්ට් එකක් විදියට දාන්න.

සිංහල අකුරු ගන්න බැරි අයට පහල ලිනක් එකින් අකුරු බා ගන්න පුලුවන්. ඒක මේ බ්ලොග් එක කියවන්න විතරක් නෙවෙයි හැම සිංහල වෙබ් අඩවියක්ම බලන්න උදව් වේවි.

සිංහල අකුරු ගන්න http://www.siyabas.lk/sinhala_how_to_install.html

මුණුපොතේ පිටුව http://www.facebook.com/sampath.priyadarshana

මම
සම්පත් ප්‍රියදර්ශන කොඩිකාර ආරච්චිගේ