Sunday, May 22, 2011

පළමු කොටස

ඈත අහසේ ටිකෙන් ටික ගිනියම් වෙලා, පළාතම තැඹිලි පාට කරමින් කොටු පවුරේ ඔරලෝසු කණුවට කෙලින් ඉර පහත් වෙන හැටි ක්ෂිතිජ ආසාවෙන් බලන් හිටියා. දවස පුරා නගරයේ ඒමේ අත පියාඹමින් සැරිසරන ලද කුරු෾එ රංචු ගණන් රෑන පිටින් සමනල පාලම උඩින් පියාඹිනවා.  සමනල පාලමේ හරිමැදට වෙලා අත් අල්ලගෙන ඇවිදින කවුදෝ ජෝඩුවක් පුංචියට පේනවා. හරියටම පැහැදිලි නැති උනත් ඊයෙත් මේ දෙන්නා මෙතැනට ආවා කියලා ක්ෂිතිජ ට මතක් උනා. අතීතය එක පාරටම චිත්‍රපටියක් වගේ මැවිලා පෙනන හැටි දැකලා ක්ෂිතිජ ට දිග හුස්මක් පිට උනා. සයුරිත් එක්ක මෙහෙම අත් අල්ලගෙන, ධර්මපාල පාර්ක් එකින් ඇතුල් වෙලා සමනල පාලම උඩ වරු ගණනක් ගත කල හැටි, ඊට පස්සේ කොටු තාප්පෙ උඩ කවුරුත් එන්නෙ නැති හරියක වාඩිවෙලා ඉර බැහැගෙන යන හැටි බලං ඉන්න සයුරි හරි ආසයි කියලා මතක් වෙද්දිම වැඩි වයසක් නැති තවත් ජෝඩුවක් ක්ෂිතිජ ව පහු කර ගෙන ගියා. ගෑණූ ළමයා ටිකක් දැකලා පුරුදු වගෙ නිසාම තව පාරක් හැරිලා බැලුවේ අදුරන කෙනෙක් ද කියලා සැක ඇරලා දැන ගන්න. කෙල්ලත් කොල්ලාගේ ඉණෙන් අල්ල ගෙන තද කරගෙන යන්නේ කොහේ හරි ඉදන් ඇවිත් වෙන කෙල්ලෙක් තමන්ගෙන් උදුර ගනී කියලා බයට වෙන්න ඇති. ක්ෂිතිජ ට එහෙම හිතුණා.

´´ කොහේ ද යන බැල්මට් කෙනෙක් ද කොහෙද... ඔයා බය වෙන්න එපා බබා... ඔයා නැත්තම් මම දන්නවා කරන්න ඕන වැඩේ.... ``

කොල්ලා ටිකක් හයියෙන් කිව්වේ දෙපාරක් විතර හැරි හැරී බැලුව නිසා වෙන්න ඇති. ඒ කථාවට උත්තර දෙන්න ක්ෂිතිජ ට හිත නොදුන්නේ කොටු තාප්පේ උඩ මේ වෙලාවට කොල්ලොන්ගේ කෙල්ලන්ගේ ලව් දිහා සෙම පෙර පෙර බලන් ඉන්න බැල්මට් ලා ඕනතරම් ඉන්න බව මතක් වෙච්ච නිසයි. ´´ මම එහෙම එකෙක් නෙවෙයි යකෝ ``කියලා පපුවේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්න  බැරි නිසා හිතට ආපු සියම් කේන්තිය ක්ෂිතිජ මග ඇර ගත්තා. දවසක් සයුරිත් එක්ක කොටු තාප්පේ උඩ ඉන්න කොට අවුරුදු තිස් පහක, හතලිහක විතර මනුස්සයෙක් ගල් කු෾එණක් අස්සෙන් එබි එබී බලපු හැටි මතක් වෙද්දි ඇඟ පුරා එදා නැගපු හිරිගඩු ආපහු පිපෙනවා වගේ ක්ෂිතිජ ට දැනුණා. එදා සයුරි ඇදන් ආපු සාය උඩ යන දිහා ඒ මිනිහා බලන් හිටියේ තමන්ට කියලා සහෝදරියක් නැති ගාණටයි කියලා සයුරි කිව්වත් බස් ස්ටෑන්ඩ් එකට එනකං සයුරිටත් දෙහි කප කප ආපු හැටි ක්ෂිතිජ ට මතක් උණා.

´´ මේ වගේ තැනකට එනකොට දිග කලිසමක් ඇදං එන්න බැරිද ? කර පේන බ්ලවුස්, සාය කෑලි ගහං එන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑනේ ... දැන් ඉතින් හොඳ වැඩේ.... අතාල් නේ.... නාකි මනමාලයෝ එබිකං කර කර බලන කොට.... කොහෙද ඉතින් ..... ඇගේ තරමට මොලේ නෑනේ.... ``
කොච්චර බැන්නත් ඒවා ගණන් ගන්නේ නැතිව හිනා වෙලා ඉන්න පු෾එවන් පුරුද්දක් සයුරිට තිබුණා. ඒ දවස මතක් වෙද්දි හිතේ පුංචි කොණක ඇති වෙච්ච සියුම් වේදනාවක් පපුව වසා ගන්නවා වගේ ක්ෂිතිජ ට දැණුනා.

´´වේලාව හතට ත් ළඟයි වගේ`` එහෙම හිතලා ඔරලෝසුව දිහා බලපුවාම තමයි දැක්කේ වේලාව හතයි කාලයි කියලා. ´´යන්න වේලාව හරි`` තමන්ටම කියා ගත් ක්ෂිතිජ කොටු තාප්පෙන් පහලට බැස්සේ හවස් වරුව පුරාම කොටු තාප්පේ උඩ පෙම් සුව විදපු එක එක වර්ගයේ ජෝඩු ගණනාවක් පහු කරමින්. ඒ අතර අවුරුදු හතලිහක විතර පෙනුම තියෙන කපල් එකක් දැකපු ක්ෂිතිජ ට කට කොණකින් හිනා ගියේ ´´ මේ දෙන්නට ලව් කරන්න මතක් වෙලා තියෙන්නේ මේ කාලේ වෙන්නැති`` හිතට ආපු සිතිවිල්ල නිසයි. සමහර විට හොර ලව් එකක් ද දන්නෙ නෑ... ක්ෂිතිජ ම නඩු තීන්දුව දුන්නා...  මාත් මාර පිස්සෙක් තමයි කියලා හිතන කොටම කොටු තාප්පේ උඩ ඉදන් වේගයෙන් දුව ගෙන ආපු පොඩි එකෙක් එක පාරටම පාර හරහා පනින්න ට්‍රයි එකක් දැම්මා. ක්ෂිතිජ පැනපු ගමන් පොඩි එකා අල්ලා ගත්තේ නැත්තම් පහළින් ආපු මෝටර් සයිකලේ ට පොඩි එකා අහු වෙනවා. අම්මයි තාත්තයි දුවගෙන ආවට වැඩක් වෙන්නේ නෑ තව විනාඩියක් පහු උණා නම්.

´´ අනේ තෑන්ක්ස් මල්ලී `` පොඩි එකාගේ අම්මා එහෙම කිව්වා. ´´ මම කියලා තියෙනවා නේද පුතාව අල්ලගෙන පහළට බහින්න කියලා `` කොල්ලාගේ තාත්තා දෝස් මුරේ දැම්මේ අම්මට. ඕක ඉතින් පිරිම්න්ගේ ස්ටයිල් එකනේ කියලා මතක් වෙද්දි ක්ෂිතිජ ට හිත ඇතුලෙන් හිනා ගියා. ´´ යන්නම් මල්ලි`` කියලා කට්ටියම බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. තමන්ට ඉදිරියෙන් යන මේ පුංචි පවුල දැකලා ක්ෂිතිජ ට එක පාරටම දිග හුස්මක් පිට උනේ අතීතයේ කරපු තවත් එක ප්‍රාර්ථනාවක් හිතට ඇවිත් හිත ඇතුලෙම පුංචි රළ පහරක් වගේ බිඳිලා ගිය බව තමන්ටම දැණුනු හින්දයි.

තවත් කොටසක් ලබන සඳුදා (2011-05-30)

No comments:

Post a Comment