Monday, August 8, 2011

දොළොස්වන කොටස

**********

අලුත් කොල්ලෝ ටික ක්ෂිතිජලා ඉස්කෝලේ එන්න කලින්ම පංතියට ඇවිත් හිටියේ පළමුවෙනි දවසෙම චාටර් වෙන්න හොඳ නැති නිසා වෙන්න ඇති කියලා ක්ෂිතිජට හිතුණා.

ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක ගැහුවා විතරයි දොලහ දහතුන පංති වල අයියලා වගයක් පංතිය වටා කර කැවෙනවා කොල්ලෝ ටික නිරීක්ෂණය කරා.

´´ මචං අරුන් ටික මේ පැත්තේ වොචර් එක දානවා වැඩියි.. අවුලක් වෙන සයිස් එකක් තියෙන්නේ.. `` ක්ෂිතිජ කිව්වේ වැඩි දෙනාගේ ආරක්ෂාවට ආසිරිගේ කණට කරලා.

´´ බලමු බලමු උන් මොකාටද එන්නේ කියලා... ``

´´ උඹලා කවුරුවත් උන් එක්ක වලියක් දා ගත්තේ නෑනේ.. `` ඉමේෂ් ඇහුවේ පංතියේ සේරම ගෙන්.

කවුරුවත් වලියක් දා ගත්ත බවක් පේන්න තිබුණෙ නෑ.

´´ ඔන්න බඩු කේස් එකක් නම් .. මම අත දාන්නෙ නෑ.. `` ගයාන් පොඩි ධර්මයක් දැම්මා.

´´ අඩෝ මේ.. ඕන කේස් එකකට අපි අත දානවා.. අපේ එකෙක්ටවත් අතක් තියන්න දෙන්නේ නෑ.. හරී.. `` ගජනායක කට හඩ අවදි කරන කොට සාහිර් ට දිග හුස්මක් ගියා.

ගජනායක කිව්වේ පංතියේ ටිකක් වලිකාරයට. ආදරේට කොල්ලො කිව්වේ ´´ ගජේ `` කියලා. ගජේ ඉන්න කං වලි වලට පංතියේ කොල්ලො බය වුණෙ නැත්තෙ ගජනායක ගේ අයියලා උනත් නම ඇහෙන කොට බය වෙන සයිස් එකේ සිරා සෙට් එකක් වුණු නිසයි.

ක්ෂිතිජ එක පාරටම බැලුවේ අලුතින් ආපු කොල්ලො දිහා. උන් සේරම ෆුල් අප්සෙට් ගහලා ඉන්න බව ක්ෂිතිජට තේරුණා.

´´ ආනන්ද.. මචං උඹලා බය වෙන්න එපා.. මේවා.. මෙහේ සාමාන්‍ය දේවල්.. උඹලට අවුලක් වෙන්න අපි ඉඩ දෙන්නෙ නෑ ``

´´ මූ හරි චංඩියානේ.. පුහ්...`` රුචිර ගයාන් ගේ කණට ලං කරලා කිව්ව දෙයට ඇත්තටම ගයාන්ට හිනා ගියේ රියල් වලියක් දා ගත්ත වේලාවට යාලුවා හැසිරෙන විදිය මතක් වෙලා.

ටික වේලාවක් ගත උණා. ක්ෂිතිජලගේ පංති භාර මිසුත් තාම පංතියට ඇවිත් නෑ.

එක පාරට ලොකු අයියලා රොත්තක්ම ක්ෂිතිජලගේ පංතියට කඩාගෙන වැටුණා.

´´ අලුතින් ආපු උන් මේ පංතියේ ඉන්නවද.... ? ``

ඩයිනෝසිරස් වංශයේ එකෙක් ලවුඩ් ස්පීකර් වොයිස් එකකින් ඇහුවා. හැබැයි පංතියේ කවුරුවත් ඒකට උත්තර දෙන්න ගියේ නෑ.

´´ ඇයි උඹලාගේ කටේ පිට්ටුද ... අලුතින් ආපු උන් මේ පංතියේ ඉන්නවද .. නැද්ද... `` කට්ටිය අතර හිටිය ශිෂ්‍ය නායක අයියා කෙනෙක් සාහීර්ගෙන් ඇහුවා.

´´ උඹලට ඩේට් ද කථා කරන්න බැරි තරම් අමාරු... `` තව එකෙක් කොක්ක ඇද ගන්නමයි ට්‍රයි එක.
´´ මචං ක්ෂිතිජ.. මුං ගේම ඉල්ලනේ... මොකද කියන්නෙ.. ``

´´ ටිකක් හිටපං ගජේ.. බලමුකෝ මොකාටද එන්න හදන්නෙ කියලා.. ``

අයියලා සෙට් එක පංතිය වටේට රබර් ඇහැ දාන්න පටන් ගත්තා. කට්ටිය අතර හිටිපු එක්කෙනෙක් ව අඳුරගන්න අකිලට පු෾එවන් උනා.

´´ මචං .. අරූ අර එදා පංතිය මේකද කියලා අහලා ගියා ප්‍රිෆෙට්කාරයා නේද.. ``

´´ ඔව් මචං.. ඌ තමයි පොර.. එදා අපෙන් නෝන්ඩි වෙලා නේ ගියේ. ඒකයි අදත් ඇවිත් තියෙන්නේ.... `` ආසිරි උත්තර දුන්නේ තරහින්.

අයියලා සෙට් එක පේලිය ගානේ ගිහින් කට්ටියගේ පොත් චෙක් කරන්න පටන් ගත්තා. මොනවත්ම ලියලා නැති අලුත්ම පොත් තියෙන්නේ අලුතින් ආපු උන්ට කියලා ඒ සෙට් එකත් දැනගෙන හිටියා.

´´ ආ.. එකෙක් ඉන්නවා... `` මුලින්ම අහු උනේ අජිත්ව. අජිත් දියෙන් ගොඩට ගත්ත මාලුවා වගේ ගැහෙන්න පටන් ගත්තා.

ක්ෂිතිජ ටක් ගාලා ආනන්දගේ පොත් ටික තමන්ගේ පොත් අස්සේ හංග ගත්තා.

´´ උඹ අද පොත් ගෙනාවේ නෑ කියපං.. ``

´´ හා.. ``

´´ අඩෝ.. අලුත් එකා.. ඉස්සරහට වරෙන්.. `` අයියලා අජිත්ව බයිට් එකට ගන්නයි හදන්නේ.

´´ නම කියපං `` ඉන්ටවිව් එක පටන් ගත්තා.

´´ අජිත් අයියෙ ``

´´ ගෙවල් ? ``

´´ වල්ගම``

´´ මොකක්.... වල්ගම.. ඒ කොහෙද යකෝ ඒ.. ``

´´ මාතර ට ටිකක් මෙහා.. ``

´´ ආ... මල්ලි නැගපං. මේ ඩෙස්ක් එක උඩට.. ``

අජිත් පංතිය දිහා බොහොම අසරණව බලන්න පටන් ගත්තා.

´´ මචං මොකද කරන්නේ.. `` ගයාන් ට දැන්නං මල පැනගෙන එන බව ක්ෂිතිජ දැනගත්තෙ මූණ හොදටම රතු වෙලා තිබුණු නිසයි.

´´ තව ටිකක් හිටපං කෝ.. `` ආසිරි උත්තර දුන්නා.

´´ ගජේ.. ෂේප් එකේ අනිත් පංතියට ගිහින් නෙතාජි ට... වීරේ ට.. සෙට් එකට එන්න කියපං.. ``

´´ යන්න බැරි වෙන සයස් එකක් තියෙන්නෙ බං... ``

´´ මං කියන්නං.. කාක්කෙක් යවපං... ``

´´ හරී.. මං යවන්නං... ``

පංති අතර ඇවිදින්න බැරි වෙච්ච වෙලාවක කොල්ලොන්ගේ නිවුස් ගෙනියන සංදේශකාරයා උනේ කඩදාසි කාක්කා.

´´ අඩෝ මල්ලි නැගපං.. ඩෙස්ක් එක උඩට.. අපිට තව වැඩ තියෙනවා.. උඹව මෙතෙන හුරතල් කර කර ඉන්න වේලාවක් නෑ.. ``

අජිත් ඒ ස්වරයේ වැඩිකමටදෝ ඩෙස්ක් එක උඩට ගොඩ උනා.

´´ ආ.. දැන් කියපං.. මා බාල කාලේ සිංදුව.. `` අයියලා රැග් එක පටන් ගත්තා.

´´ කියපං.. බලන් ඉන්නේ... කටේ පිට්ටුද ? ``

එකෙක් අජිත්ගේ පිටට පාරක් ගැහුවා.

ගජේගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් රතු ඉර ගාවට ඇවිත් තියෙන්නේ කියලා ක්ෂිතිජ නිරීක්ෂණය කරා.
´´ මා.. බාල .. කාලේ... අ...ම්..මා.ගේ ..... උකුලේ... `` අජිත්ගේ ඇස් දෙකේ කඳු෾එ කැට වගේ බේරෙන්න පටන් ගත්තා.

´´ ඇයි උඹට වචන මතක නැද්ද.. `` එකෙක් අජිත්ව තල්ලු කලා.

´´ සුත්‍රියට කියපං ඩෝ... `` තව එකෙක් අජිත්ගේ කණට පාරක් ගැහුවා.

´´ අඩෝ අපේ කොල්ලොන්ට ගහන්න එපා.. `` ගජේ යුධ ප්‍රකාහයක් කලා.

´´ මුන් කොහොමද උඹලාගේ උන් වෙන්නේ පිට ඉස්කෝල වලින් ආපූ ඈයෝ.. ``

´´ යකෝ දවසක් හරි.. අපිත් එක්ක හිටියනං.. ඌ අපේ එකෙක්.. අජිත්.. උඹ බැහැපං පහළට..``

´´ බහින්න එපා.. ගහනවා.. ``

´´ උඹ බැහැපං.. අපි බලාගන්නං.. ``

´´ බහින්න එපා.. බැස්සොත් ගහනවා....``

´´ හරි පු෾එවන් නං.. ගහපං.. `` ගජේ වීරයා වගේ ඉස්සරහට ගියා. ආසිරි, ගයාන් ඇතු෾එ සෙට් එකේ ඔක්කොම එක සැරේ නැගිටලා පැනගෙන අයියලා ඉන්න පැත්තට ආවා. කොල්ලොන්ට ගහන්න පැනපු එක අයියා කෙනෙක්ට දෙපැත්තෙන් වට කරපු කොල්ලො සෙට් එක වට කරගෙන ගැහුවා. අනිත් පංතියේ හිටපු නෙතාජි වීරේ ඇත෾එ සෙට් එකත් තව කොල්ලො පනහක් විතර එක්කරගෙනම ඇවිත් තිබුණු නිසා කොල්ලොන්ගේ බලය වැඩි උණා.

ගහන්න ආපු අයියලා සෙට් එක ගුටි කන තත්වෙට ටිකෙන් ටික පත් වෙද්දී ඒ අයගේ එක එකා ෂේප් එකේ දුවන්න පටන් ගත්තා.

දුවන උන්ටත් එලවලා බෝතල් පාරවල්, පොලු පාරවල් දෙන්න කට්ටිය අමතක කරේ නෑ. අන්තිම එකත් ලේ පෙරාගෙන දුවන කොට කට්ටිය එකතු වෙලා හූ පාරක් දුන්නා.

´´ අඩෝ... හූ...දහතුනේ චංඩි.. මොකෝ.. දුවන්නේ... ``

´´ බය වෙලාද.... දුවන්නේ ... හූ.................. ``

´´ ආයි... මේ පැත්තෙ පස් පාගන්න එපා... ආවා මෙතැන රැග් කරන්න... හූ....``

´´ ඒයි කෝ මචං ක්ෂිතිජයා.. මූ ගුටි කෑවද දන්නේ නෑ.. පේන්න නෑනේ... ``

´´ එකනේ කසුන්.. මු..කොහේ අන්තරස්දාන උනාද දන්නේ නෑ... ``

´´ ඒයි අර.... ``

කට්ටිය ඇවිත් එක පාරටම පංතියේ අන්තිම කෙලවරේ තිබුණු දිග බංකුව ඉස්සුවා. බංකුව යට හිටියේ සාහීරුයි.. ක්ෂිතිජයි..

´´ මචං මං මේ මූට බංකරයක් ඇතුලේ ඉන්න හැටි පෙන්නුවා.. ``

ක්ෂිතිජ ප්‍රශ්නෙ අහන්නත් කලින් උත්තර දුන්නේ හූ පාරක් කාගෙනමයි.

**********
ලබන සතියේ (2011.08.15) තවත් කොටසක් කියවන්න

(සියලු හිමිකම් ඇවිරිණි.) සම්පත් ප්‍රියදර්ශන කොඩිකාර ආරච්චිගේ-2011. උපුටා ගැනීම, පිටපත් කිරීම, ඕනෑම මාධ්‍යක නැවත පළ කිරීම, මුද්‍රණය සඳහා කරුණාකර කතෘ අමතන්න. දුර. 0773-951015


FLASH VERSION DOWNLOAD:  


http://www.mediafire.com/file/yqg98gajpdd17ol/Sitha%20Gawa%20Oba%20Inna_2011_08_08.swf


Click on the image to zoom the text




No comments:

Post a Comment