Monday, June 20, 2011

පස් වන කොටස

තමන් දැකපු දර්ශනේ නිසා ක්ෂිතිජ එකපාරටම අන්දමන්ද වුණා. ලස්සන පුංචි කෙල්ලෙක් කුස්සියේ පැත්තක තිබුණු මේසේ ඉඳගෙන කෑම කනවා. සුදු පාට ඉස්කෝලෙ ඇඳුමට කොණ්ඩ කරල් දෙකක් ගොතලා තිබුණු නිසා අමුතු ලස්සනක් එක්කම අහිංසක කමක් ගෑවිලා තිබුණයි කියලා ක්ෂිතිජ ට හිතුණා. උ෾එඅස්ස ගාව ඉඳගෙන බලාගෙන හිටපු ක්ෂිතිජ දිහා එකපාරටම ඒ ගෑණු ළමයා ඔලුව උස්සලා බැලුවා. ක්ෂිතිජගේ ඇස් දෙකත් ඒ ඇස් දෙකත් එක පාරක් මොනවදෝ කථා කරනවා වගේ ක්ෂිතිජ ට දැණුනා. ක්ෂිතිජ පුංචි හිනාවක් දැම්මත් ඒ ගෑණු ළමයා ආපහු තමන්ගේ බත් එක දිහාටම ඔලුව හරවා ගත්තා.

´´ අයියෝ ක්ෂිතිජ... මල්ලි ලැජ්ජ නැද්ද ? ගෑණු ළමයි කන දිහා බලං ඉන්නේ... බඩගිනි නම් බෙදාගෙන කන්න එපැයි... ඩිසිපිලින්ස් කියලා දෙයක් ඇත්තෙම නෑ... මොකද්ද හලෝ තමුසෙලා යන පරිප්පු ඉස්කෝලේ... ?``

කොහෙන්දෝ ඉඳගෙන මෝටාර් බුලට් එකක් වගේ කඩාගෙන වැටුණු පොඩි අක්කා කොනක ඉඳන් ක්ෂිතිජගේ සායම හෝදන්න පටන්ගත්තා.

හපොයි මේ ගොන් වැස්සිට මෙලෝ මොලයක් නෑනේ. මේකි හිතන් ඇති මම අරයගේ බත් එක දිහා බලං හිටියයි කියලා. පුදන කොටම ඇරපි යකා කිව්ව වගේ කෙල්ල දිහා බැල්ම දාපු හැටියේ මේ වසවර්ති පොඩි අක්කා කඩන් වැටුණානේ. ෂික්.. ක්ෂිතිජ තමන්ටම කියා ගත්තා.

´´ අනේ වැඩේමයි අපිට ... අනිත් අය කන දිහා බලං ඉන්න... මම බැලුවේ කුස්සියේ රාජධානියට අලුතින් ආපු ග්‍රහයා කවුද කියලා ``

ක්ෂිතිජ එහෙම කියනකොට අර ගෑණු ළමයා යම්තමින් හිනා වෙණවා ක්ෂිතිජගේ රේඩාර් ඇහින් දැක්කා. එතනින් ඉක්මනට මාරු වෙන එක ශරීර සෞබ්‍යයට හොඳයි කියලා උඩ තට්ටුව පැත්තට යන්න ගිය ක්ෂිතිජට ලොකු අක්කා හම්බ උණා.

´´ මල්ලි කෑම කෑවේ නෑනේද ? ``

´´ නෑ බං .. පොඩි අක්කා වලි දානවානේ .. මම ආවා... ``

´´ ඉන්නකො බලන්න...`` ලොකු අක්කා පහළට ගිය වේගය වැඩි කරලා පඩිපෙල බහින කොට රුසියානු ඇමෙරිකානු ඊළඟ වලියේ පෙර නිමිති පහළ වුණා.

´´  පොඩි නංගි ජරා වැඩ කරන්න එපා... `` ලොකු අක්කා පොඩි අක්කා ට දෝස්මුරේ දාන සද්දේ ඇහෙන කොටම ක්ෂිතිජ එලියට පැන ගත්තෙ ඇවිලෙන යුද්දෙ තෙවැනි පාර්ශවකරුවෙකු උනොත් බරපතල හානි තමන්ට ඇතිවෙයි කියලා හිතුණ නිසා.

´´ ඒයි අඩෝ... උඹ යනවද ?``

´´ ඔව් බං``

´´ කෑම කාලා පලයන් ``

´´ දැන් බෑ... බඩ පිරිලා``

අද නම් ඉර අනිත් පැත්තෙන් පායන්න ඕන. කවදාවත් නැතිව ක්ෂිතිජ කෑම කන්නේ නැතිව යන එක ගැන ගයාන් ට පුදුම හිතුණා. මොකක් හරි ජලතර වැඩක් කරගන්න ඇති. නැත්නම් මූ මෙතැන හෙණ හත ගැහුවත් නොකා යන එකෙක් නම් නෙවෙයි. පු෾එවන් නම් මගේ එකටත් ඇරලා යන්නේ. ක්ෂිතිජ හෙමීට පාර දිගේ ඇදිලා යනකොට ගයාන්ට එහෙම හිතුණා.

**********

´´ ගුඩ් මෝනිං මචෝ``

´´ ගුඩ් මෝනිං ගුඩ් මෝනිං උඹ අර කොහෙද ඊයේ කෑමත් නොකා ගියේ. පොඩි අක්කා වලියක් දාලායි කියලා මට ලොකු අක්කා කිව්වා... උඹ මට කියන්න එපැයි.. නැත්තම් මම කියනවා එයාට කන් දෙකේ ඇබ ගහගන්න``

´´ නෑ බං ඒකේ අවුලක් නෑ... ඒක නෙමෙයි බං.. කවුද අර ඇවිත් හිටිය ගර්ල් ?``

´´ මොන ගර්ල් ද බං, උන් ඔක්කොම කෙල්ලො තමයි.. කොයි එකා ගැනද කියන්නෙ.. උඹ අර බත් එක දිහා මල පෙරේතයා වගේ බලං හිටිය කෑල්ලද ?``

´´ ඔව් බං.. කවුද ඒ... මාරයි ``

´´ ආ.. ඒ ආපේ අක්කගේ යාලුවෙක් ගේ නංගි කෙනෙක්. අපේ වයසෙලු. ක්ලාස් එකකට අලුතින් යන්න කෑම කන්න අපේ ගෙදර ඇවිත් ``

´´ නම මොකක්ද ?``

´´ අනේ මේ... මං එකිගේ ජාතකේ හොයන්න ගියේ නෑ. උඹට ඕන නං හොයාගනිං. උඹත් මහ පුදුම පැණියෙක් බං. ආ ඉඳා මේකෙන් ඔය සෙම පිහිද ගනිං...  ඇඹලයෙක් වෙන්න එපා බං..``

´´ හරි හරි මම ඇඹලයා... එතකොට උඹ අර ලක්ෂිකා පස්සෙ යනකොට ඇඹලයා කවුද දන්නෙ නෑ... මගෙ කට අවුස්ස ගන්න එපා...``

´´ එස් කියුස් මී... උඹලා ට වැදගත් නිවුස් එකක් දෙන්න ආවේ `` සාහිර් කොහෙන්දෝ ඉඳන් ඇවිත් යාලුවො දෙන්නගේ සතර කන් සම්මන්ත්‍රණයට බාධා කරා.

´´ ඇයි මචං``

´´ මචං අද ක෾එවැල්ලේ පල්ලියේ දානේ. උඹලා එනවද ? අරුන් ඔක්කොම යන්න සෙට් වෙනවා. මොකෝ කියන්නේ ? ``

´´ කීයටද මචං තියන්නේ``

´´ එකට විතර පටන් ගන්නේ ආගම කියලා ඉවර වෙලා දානේ බෙදලා දෙන්නේ ``

´´ එකට කොහොමද බං යන්නෙ.. පංතියෙන් පැන ගන්නෙ කොහොමද ? ``

´´ අයියෝ ඕවට බය වෙන්න එපා බං ... අපි තාප්පෙන් පනිමු. පංති හයේම කොල්ලො යනවා `` සාහිර් වීරයා වගේ කියනවා.

´´ ඔව් ඔව් යමං ඊයේ දවල්ටත් උඹ ගිල්ලෙ නෑනේ.. පව් කොල්ලා  හාමතේ ඇත්තේ... යමං ``

´´ මම කොහොමද බං තාප්පෙන් පනින්නෙ... මට තාප්පෙට නගින්න බෑනේ ``

´´ අනේ පැණීයෝ .. හදිස්සියකට හරි තාප්පෙන් පනින්න පුරුදු වෙලා හිටපන්.. නැත්නම් උඹ ඔය දාගන්න ලෙඩ වල හැටියට කෙල්ලොන්ගේ තාත්තල ගෙන් අයියලාගෙන් මදි නොකියන්න කන්න වෙනවා. ඒයි නිරංජන් ... උඹත් එනවද ? ``

´´ නැතුව නැතුව... ඒවා යුතුකම් නේ මචං... ආගම් අතර මිත්‍රත්වය අපි පෙන්නන්න එපැයි.. නේ ද සාහිර් ``

´´ හරි හරි මම යනවා අනිත් උන්ට පණිවිඩේ කියන්න. යන උන් දොළහයි හතලිස් පහ වෙද්දි ටොයිලට් එකේ පිටිපස්සට සෙට් වෙයල්ලා. තාප්පෙන් පනින්න බැරි උන්ට ඩෙස් එකක් දාන්න සෙට් කරපං ... මං ගියා `` සාහිර් එහෙම කියාගෙන යන්න ගියේ අනිත් කොල්ලන්ටත් මේ ගුඩ් නිවුස් එක කියන්න.

මීළග කොටස 2011.06.27 වෙනිදා බලාපොරොත්තු වන්න


PDF version

http://www.mediafire.com/?5dpx6nawnl05a1n



No comments:

Post a Comment