Sunday, June 12, 2011

හතරවන කො‍ටස

**********

ඉස්කොලේ ඇරෙන්න තව විනාඩි 15 ක් විතර තියෙනවා. කොල්ලො ටික ඔරලෝසුව දිහා බලන් ඉන්නේ කොයි වෙලේද බෙල් එක වදින්නෙ කියලා ඉවසිල්ලක් නැති හින්දයි.

´´ මචං විනාඩි 5 කට කලින් කොහොම හරි පැන ගමු `` කසුන් එහෙම කිව්වේ  තේමියට.

´´ ඔව් බං... නැත්නම් මට ලක්ෂිකා ව මිස් වෙනවා ``

´´ ඕක හෙමින් කියපන් .. අර ගයානුත් ඕකිට ට්‍රයි... ``

´´ අනෙ උගෙයි, මගෙයි ට්‍රයි... `` තේමිය පොඩි සංස්කෘතික වචනයකුත් කිව්වා.

´´ හරි .. හරි උඹලාගෙන් කාට හරි ගියත් ...  කෙල්ලො නිසා එක ක්ලික් එකේ කොල්ලො මරා ගන්න බෑ .. හරිද ? `` ක්ෂිතිජ එහෙම කිව්වෙ තමන්ගේ යාලුවා ගැන තිබුණු අනුකම්පාව හින්ද කියලා සාහිර් ට හිතුණා.

´´ යකෝ මේ ධනයට වේලාවට බෙල් එක ගහන්න බෑනේ... ෂික් විතරක් ... `` කොහෙන්ද ඉදන් ආපු ගයාන් ක්ෂිතිජගේ බෙල්ලෙ එල්ලෙන ගමන් කිව්වා.

යෝ වදතම් පාවරෝ මනු ජේසු ... ළග තිබුණු ලවුඩ් ස්පීකරේ බෙරිහන් දෙන්න පටන් ගත්තා.

´´ උඹ අද කොන්වන්ට් එක ගාවද ? එහෙම නැත්නම් කොටුවෙ ද ඩියුටි ? `` ක්ෂිතිජ ඇහුවේ තේමියගෙන්

´´ මු අද කොන්වන්ට් එකේ ඩියුටි ``

කසුන් ක්ෂිතිජට උත්තර දුන්නා.

´´ සාහිර් උඹත් වල බහිනවද ? ``

´´ අපෝ බෑ බං... අරූ ගෙන් ගුටි කාලා ඇගම රිදෙනවා... හවසට ක්ලාස් යන්නත් තියෙනවා මචං ..  මං යනවා ``
සාහිර් එහෙම කියාගෙන යන්න පිටත් උනා.

´´ අපි ජෝ කාරයාගේ කඩේ ගාව සෙට් වෙනවා ``

´´ හරි මචං අපි හන්දියේ කඩේ ගාව ඩියුටි ``

´´ ඕ.කේ කාටහරි හරි යනවා නම් අපිට මොකෝ ... අපි කැපුණා ``

ගයානුත් තේමියත් අතර ලක්ෂිකා සම්බන්ධයෙන් සීතල යුද්ධයත් හැමදාම තිබුණු බව ක්ෂිතිජ දැනං හිටියා. ඒත් ගයාන් තේමියට ඊරිසියා නොකලත් තේමිය ටිකක් අමුතු බව පංතියේ හැම කොල්ලම තේරුම් අරන් හිටියා. තේමිය ටිකක් නහරකාරයා නිසා කවුරුවත් කිසි දෙයක් තේරුම් කරන්න උත්සහ කරන්න මැලි උණා.

´´ ලක්ෂි පරක්කුයි වගේ මචං.... ``

´´ හ්ම්... ඒ වගේ ... අද ඉස්කෝලේ ආවද දන්නෙ නෑ ``

´´ පිස්සු ද බං ... උදේ එකී ගේ පස්සෙන්මයි මම ආවේ...``

ගයාන් ගේ ගෙදර ඉස්සරහින්ත මයි හැමදාම ලක්ෂිකා ඉස්කොලේ යන්නෙ. ලක්ෂිකා යන වේලාවට කොහොම හරි ටයිම් කරලා පස්සෙන්ම ෆලෝ කරන ගයාන් පුරුදු වෙලා හිටියා.

´´ උඹට කවදා හරි සිකියුරිටි ජොබක් නම් බය නැතිව කරන්න පු෾එවන් .... අඩු නැතිව සුදුසුකම් තියෙනවා ``

´´ අනේ පලයං යන්න .... ``

´´ මචං පැය භාගයක් වෙන්නත් ආවා... කෝ බං... බඩත් ගිනියි``

´´ අපෝ බඩ ජාරියා... හිටපන් .. අක්කා කෑම උයලා තියෙන්නේ ``

විනාඩි හතලිහක් පහු වෙන්න ආවත් ලක්ෂිකා ආවේ නැති නිසා යා෾එවො දෙන්නටම උනේ ආපහු හැරිලා එන්න. ලක්ෂිකා හා ගයාන් ගේ ආදර කථාව ඒකපාර්ශවීය ලව් එකක් විදිහටයි තිබුණේ. ලක්ෂිකා එක්ක වචන පහක් වත් කථා කරන්න ගයාන් පු෾එවන් වෙලා තිබුණේ නැහැ. ක්ෂිතිජ හැමදාම ගයාන්ට කිව්වේ ලැජ්ජාව පැත්තකින් තියලා ලක්ෂිකා එක්ක කථා කරන්න කියලා. ඒකට ක්ෂිතිජට ලොකු හේතුවකුත් තිබුණා. මොකද තේමිය මේ සීන් එකේ දුෂ්ඨයාගේ චරිතෙ කරන්න පටන් ගන්න කලින් ඉස්සර වෙන්න  ඕන හින්දයි.

´´ මචං... කෙල්ලො රැනක්ම ඉන්නවා උඹලගේ ගේට්ටුව ගාව ...``

´´ පොඩි අක්කාගේ යාලුවො වෙන්නැති ``

´´ හ්ම්.... වෙන්නැති ``

ක්ෂිතිජත් ඕනවට එපාවට කිව්වෙ වෙනදත් ගයාන්ගේ පොඩි අක්කාගේ යාලුවෝ ගේ ගාව ඉන්න නිසයි.

´´ මේ මේ පොඩ්ඩක් එහාට වෙනවකෝ ...  ගේට්ටුව බදු අරගෙනද හලෝ...`` ගයාන් ලක්ෂිකා මුණ ගැහුණෙ නැති හිතේ අමාරුව පිට කලේ පොඩි අක්කාගේ යාලුවන්ගෙන්.

´´ ආ... ගෙදර අයිතිකාරයා ඇවිල්ලා... අපෝ අයිං වෙයං බං ``

´´ අයිතිකාරයා තමයි... ඇයි මොකෝ.. සද්දෙ තියා ගන්නෙපා හරී....``

´´ අනේ මචං කෑ නොගහ යමං.. කෙල්ලො ටික වට කරගෙන ටොකු ඇන්නොත් මට නං බෑ බේර ගන්න ...  මස්වැද්දගෙන් කාපුවා මදිද බං ``

´´ අද නං මහ චාටර් දවසක් බං ``

´´ අක්කේ බඩගිනියෝ... `` ක්ෂිතිජ කෙලින් කුස්සියට ගියේ ගයාන්ගේ ලොකු අක්කා හොයාගෙන.

කුස්සියට ඇතුල් වෙච්ච ගමන් දැකපු සීන් එකින් ක්ෂිතිජ එක සැරේම ගල් උණා. ක්ෂිතිජට තමන්ගෙ ඇස් අදහගන්න බැරි උණා.

**********
තවත් කොටසක් 2011.06.20 බලාපොරොත්තුවන්න



No comments:

Post a Comment