Monday, July 11, 2011

අට වන කොටස

ක්ෂිතිජලගේ ගෙදරට ගිහින් එදා දවසේ බේරෙන්න පු෾එවන් වුණත්, සම්පූර්ණ විස්තරය පත්තරේ දැම්මා වගේ ඉස්කෝලෙට ආරංචි වෙලා තිබුණා. පහුවෙනිදා ඉස්කෝලේට ගිය කොල්ලො ටික දිහා මිස් ලා සර් ලා බැලුවේ හරියට පිට් පොකට්කාරයෝ ටිකක් දිහා බලන ගානට.

´´ මචං මොකක් හරි අවුලක් තියෙනවා...`` ක්ෂිතිජ සාහිර් ගේ කණට ලං කරලා කිව්වා.

´´ ඔව් බං.. බඩු සෙට් වෙලා ද, දන්නෙ නෑ...`` ගයානුත් කිව්වේ වෙනදා නැති අමුත්තක් ඉස්කෝලේ පුරාවටම තියෙනවා දැක්ක නිසයි.

´´ පංතියේ කොල්ලොත් අඩුයි... ``

´´ හ්ම්...``

ඈත කොරිඩෝ එක දිගේ ඉස්කෝලේ පියන් ධනපාල ඇවිදගෙන එනවා සාහිර් දැක්කා.
´´ ඒයි.. ධනේ.. ගුඩ් මෝනිං.. ``

´´ මොන ගුඩ් ද ? අන්න කට්ටියටම ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකට එන්න කිව්වා...`` ධනපාල ප්‍රශ්නේ අහන්නත් කලින් උත්තරේ දුන්නා. කථාව ඇහුව විතරයි සාහිර්ගේ මුහුණ කලු වෙලා යනවා ක්ෂිතිජ දැක්කා.

´´ ඕවා ගනං ගන්න එපා බං.. මේ හූණා.. ``

´´ හික්... මොන හූනෙක් ද බං`` ගයාන් පොඩි කිංඩියක් දැම්මා ක්ෂිතිජට.

´´ යකෝ.. මේ හූණා කියන්නේ හින්දි බාසාවෙන්, මම ඉන්නවනේ කියන එකට... මැට්ටා.. ``

´´ යමං කෝ ඔෆිස් එකට, ගියාට පස්සේ උඹට හින්දි විතරක් නෙවෙයි.. සංස්කෘතත් පු෾එවන් වෙයි...`` ගයාන් එහෙම කිව්වෙ හිනා වෙවී.

යාලුවො තුන් දෙනා ඔෆිස් එක ගාවට යන කොට කොල්ලො පනහක් විතර එතැන පිරිලා හිටියා. පංති හයේම කොල්ලො එතැනට ගෙන්වන්න ධනපාල අඩුවක් නැතුව කටයුතු කරලා තිබුණා. නිරංජන්, කසුන්, අකිල විතරක් නෙවෙයි මේ කිසි දේකට සහභාගි වුණු නැති රුචිර, තීක්ෂණ පවා එතැන හිටියා.

´´ අද  මං ඉවරයි... මචං.. `` සාහීර් කිව්වේ ගැහි ගැහී.

´´ බය නොවී හිටහං... අපිත් ඉන්නවා`` ඇන්ජිත් අස්සෙන් ඔලුව දාලා කිව්වා.

´´ මාව ඉස්කෝලෙන් අස් කරයි ද දන්නෙ නෑ``

´´ යකෝ මේක ප්‍රජාත්‍රන්තවාදී... සමාජවාදී.. රටක්.. ඕන එකෙකුට කන්න නිදහස තියෙනවා.. ටිකක් ඉවසපං.. අපි මේකෙ මාක්ස්වාදී රාජ්‍යයක් බිහි කරන කං.. `` ඈතින් හිටපු ආසිරි උගේ සමාජවාදී  දර්ශනේ ගැන දේශනාවක් පටන් ගත්තා.

´´ අනේ මේ.. මගුල් මාක්ස්වාදී රාජ්‍යය... බඩජාරිකමට කාලා කාලා දැන් මෙතැන තොම්සන්ගෙන් කන්න අපිවත් ඇදගෙන ඇවිල්ලා.. තව රෙද්දක් කථා කරනවා..`` රුචිරයට මළ පැනලා.

ප්‍රින්සිපල් සර්ට ඉස්කෝලේ ගුරුවරු ටික ´´ පිනා`` කියලා කිව්වත් කොල්ලො අතර ප්‍රසිද්ධ වෙලා තිබුණූ කාඩ් එක ´´ තොම්සන් ඇන් තොම්සන් `` කියලා. මොකද ප්‍රින්සිපල් සර්ගේ මූණත්, උඩ රැවුලත් හරියට ටින් ටින් කථාවේ තොම්සන්ලගේ වගේ උණ නිසා.

´´ අද වගේ දවසක බොබ්මාලේ හිටියා නං මේ සමාජ අසාධාරණයට විරුද්ධවත් ෂුවර් එකටම සිංදුවක් හදනවා... `` අකිල සුපුරුදු පරිදි බොබ්මාලේ වන්දනාව පටන් ගත්තා.

´´ අනේ උඹයි.. උඹේ බොබ්මාලෙයි.. `` කසුන් අකිලගේ කණට ෆ්‍රෙන්ඩ් ෂොට් එකක් දෙන ගමන් කිව්වා.

´´ ආං.... කට්ටියටම බාස්කට් බෝල් පිට්ටනියට ගිහින් පේළි ගැහෙන්න කිව්වා.. `` ධනපාල කියාගෙන මාරු උණා.

´´  මොන වදයක්ද බං.. මේ.. මේ යකා අපිව චාටර් කරනවාද කොහෙද ?``

´´ බලමුකෝ..``

කොල්ලො සේරම බාස්කට් බෝල් පිට්ටනියට ගිහින් එක පෙළට හිට ගත්තා. ප්‍රින්සිපල් සර් ආවේ , කසිප්පුවත්, මස්වැද්දත් එක්ක ගෙනමයි. එදා ආපු ශිෂ්‍ය නායකයෝ දෙතුන් දෙනෙකුත් පිටිපස්සෙන් හිටියා.

´´ මේක ඉස්කෝලයක්ද.. නැත්තම් හරක් මඩුවක්ද...`` ප්‍රින්සිපල් සර් අහන්න පටන් ගත්තා.

´´ ඉස්කෝලයක් ...සර්...`` රුචිරයාට බයටම කියවුණා. කසුන් ක්ෂණිකයකින් රුචිර දිහා රවලා බැලුවේ උගේ කටින් සේරම එළිවෙයි කියලා හිතපු හින්දයි.

´´ එක එකාට ඕන වෙලාවට මෙහෙට එන්නයි.. ඕන වේලාවට යන්නයි.. තාප්පෙන් පැනලා.. දානේ කන්නයි.. තමුසෙලාට විලි ලැජ්ජාක් නැද්ද අයිසේ..``

´´ ඒයි මචං.. මූ දන්නේ නෑ අපේ ලැජ්ජා නහරේ කපලයි තියෙන්නෙ කියලා...`` ඇන්ජි ක්ෂිතිජගේ කණට ලං කරලා කිව්වා.

´´ නෑ බං.. ලැජ්ජ.. ** ගාලා...`` ක්ෂිතිජ දුන්නු උත්තරේට පේලියටම හිනා ගියා.

´´ තමුසෙලා මොකද හිනා වෙන්නේ.. මල පෙරේතයෝ වගේ වැඩ කරලා තව හිනා වෙන්නත් එනවා... හ්ම් කියමු බලන්න... කවුද මේක ඉස්කෝලෙට ගෙනාපු එකා... කවුද කිව්වෙ දානේ කන්න යමුයි.. කියලා.. කියනවා බලන්න..``

කසුන් එකපාරටම රුචිර දිහා බැලුවේ පොර පැනලා උත්තරයක් දෙන්න ගියපු නිසයි.

´´ ද..න්..නෙ.. නෑ.. ස.. ර්..``

´´ සර් මුං තොත්ත බබාලා නේ.. දන්නේ නැත්තේ.. `` මස්වැද්දා කට්ටිය දිහා රව රව බලනවා.

´´ ඔය ළමයි..මෙහෙට ටිකක් එන්න... `` ප්‍රින්සිපල් එහෙම කිව්වේ ශිෂ්‍ය නායකයින් දිහාවට හැරිලා.

´´ ඔය ළමයි පෙන්නන්න.. ඒ වේලාවේ මුස්ලිම් පල්ලියේ හිටපු එකෙක්ව...``

´´ සර් මෙන්න මෙයා.. එතැන හිටියා.. `` එක ශිෂ්‍ය නායකයෙක් වරුණ දිහාවට අත දිග් කරලා කිව්වා. වරුණ කියන්නෙ අහිංසකයෙක් කියලයි කොල්ලො අතර ප්‍රසිද්ධ වෙලා තිබුණේ.

´´ හ්ම්.. තමුන් කියනවා බලන්න... කවුද තමුන්ව එතැනට එක්කගෙන ගියේ..``

වරුණ එක වචනයක්වත් කථා නොකර බිම බලාගෙන හිටියා.

´´ නම කියනවද ? ගුටි කනවද ? ``

´´ මතක නෑ සර්...`` වරුණ බොහොම බයාදු විදියට උත්තර දුන්නා.

´´ මතක නෑනේ .. මතක් වෙන්න බෙහෙතක් මං ගාව තියෙනවා..`` මෙන්ඩිස් සර් එහෙම කියාගෙන ළගට ආවේ වේවැල් දෙකක් එකට එකතු කරලා හදපු ලොකු වේවැල අතට අරගෙන.

´´ අත අල්ලනවා... ``

වරුණ හිමීට අත ඇල්ලුවා.

චටාස්... චටාස්.. හෙණ හඩ නංවමින් මෙන්ඩිස් සර්ගේ වේවැලේ ශබ්දය බාස්කට් බෝල් පිට්ටනිය දෙවනත් කලා. ඇස් දෙකේ කදු෾එ කැට පුරෝගෙන වරුණ යාලුවෝ සෙට් එක දිහා බැලුවා.

´´ හ්ම්... දැන් කියනවා.. කවුද කියලා... නම මතක් වෙන්න ඇතිනේ.. ``

වරුණ දෙපැත්තට ඔලුව වනලා නෑ කිව්වා.

මෙන්ඩිස් සර් ඊළගට හැරුණේ පේළියේ මුලින්ම හිටපු නිශාන් දිහාවට. චටාස්.. චටාස් එක දිගට පේළිය පුරාවටම වේවැල් සද්දේ ඇහෙන්න පටන් ගත්තා. සාහිර් බය වැඩිකමට ක්ෂිතිජගේ අතින් අල්ල ගත්තා. ඒ අත මල මිනියක් වගේ සීතල වෙලා තිබුණා.

´´ කෝ කෝ අත අල්ලනවා.. නැත්තම් නම කියනවා...``

චටාස් ... සාහිර්ට පළවෙනි වේවැල් පාර වදිද්දිම ඇඹරිලා ගියා. ඊළගට හිටියේ ක්ෂිතිජ.. හිතට ධෛර්ය අරන් අත දිග් කලත් පළවෙනි වේවැල් පාරේ සැරට අත ඉබේම නැමුණා. නැමුණු අතට ගහන්නෙ නැතිව ඊළග වේවැල් පාර වැදුනේ ක්ෂිතිජගේ කකුලට. දණ හිසට උඩින් වැදුණු ඒ පාර අධික වේදනාවක් ගෙන දුන්නා. කොහොමෙන් කොහොම හරි මු෾එ පේලියම ගුටි කෑවා.

´´ කවුද තමුසෙලාව.. දානෙ කන්න ගෙනිච්ච එකා... `` ප්‍රින්සිපල් සර් දැඩි ස්වරයකින් එහෙම ඇහුවත් කවුරුවත් ඒකට උත්තරයක් දුන්නේ නෑ.

´´ හරි එහෙනම් තමුසෙලා සේරගෙම පංති තහනම් සතියක් යනකං... දැන් ගෙවල් වල යනවලා.. `` ප්‍රින්සිපල් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කලා.

´´ කුම්බලා කෑවා නං විදවාපං බළලෝ... `` කිව්වලු ගයාන් ක්ෂිතිජගේ කණට ලං කරලා කිව්වා.

**********

ලබන සතියේ (2011.07.18) ජෝ අංකල් ගේ කඩේ ඇතුලේ වෙච්ච දේ කියවන්න.

No comments:

Post a Comment