Monday, July 25, 2011

දහ වන කොටස

සතියක් පංති තහනම් කරපු නිසා ක්ෂිතිජලා ගෙවල් වල හිටියේ හරිම අමාරුවෙන්. යාලුවෝ සෙට් එකම එක බොරුවක් ගෙවල් වලට කියපු නිසා වැඩේ මාට්ටු නොවී තියා ගන්න කාටත් පු෾එවන් වුණා. කොච්චර පිස්සු නැටුවත් අන්තිමට විභාගෙ ගොඩ දාගන්න ඕන කියන හැඟීම හැමදෙනාටම තිබුණා. ක්ෂිතිජ ට්‍රැක් එකින් එළියට පනින හැම වෙලාවකම හරි පීල්ලට ක්ෂිතිජව ගෙන්න ගයාන් වෙහෙසුණා. ක්ෂිතිජට ඉස්කෝලේ ගණන් විෂය එපා වෙලා තිබුණු නිසා තමන් ගිය ගණන් පංතියට එන්න කියලා ආරාධනා කරන්න ගයාන් කල්පනා කලා.

´´ පිස්සු කෙලින්නෙ නැතුව වරෙන්, මොකෝ උඹට සෙනසුරාදා එන්න බැරි තරම් තියෙන ඔච්චර ලොකු වැඩේ ``

´´ වැඩක් නෑ බං... සෙනසුරාදා විතරයි ටිකක් වැඩිපුර නිදා ගන්න තියෙන්නේ.. උඹ ඒකත් නැති කරන්නයි ඔය හදන්නේ...``

´´ ඔය හදන්නෙ ගණන් වලට ලයිට් කණුවක් ගෙදර ගෙනියන්න තමයි.. පිස්සු නැතුව වරෙන් බං.. පියල් අයියා මාර හොඳයි.. ``

´´ අ...යි...යා.. ?``

´´ ඔව්.. පියල් අයියා.. අපි අයියා කියන්නේ පංසලේ ෆිට් එකට.. උඹට ඕන නං සර් කියපං... පොර ඔය ලොකු බෝර්ඩ් ගහගෙන ඉන්න උන්ට වඩා සිරාවට.. බොක්කට උගන් වනවා... ``

´´ හ්ම්...``

´´ දැන් කොහොමද මං උඹට සෙට් කල විද්‍යාව පංතිය.... ගින්දර නේ... ?``

´´ හ්ම්..``

´´ මොකද උඹ බකමූණා වගේ හ්ම් කියන්නේ හැමදේටම... හරි.. දැන් උඹ  ෂුවර් නේ.. සෙනසුරාදා හයයි හතලිස් පහ වෙනකොට අපේ ගෙවල් ගාවට වරෙන්... ක්ලාස් එක හරියටම හතට පටන් ගන්නවා...``

´´ හා.. `` ක්ෂිතිජ උත්තර දුන්නේ ඕනවට එපාවට වගේ. කොහොමටවත් ක්ෂිතිජට ගණන් දිරවන්නෙ නෑ. ඒත් යාලුවාගේ ආරාධනය අහක දාන්න පු෾එවන් කමක් ක්ෂිතිජට තිබුණෙ නැති නිසා අමාරුවෙන් හරි සෙනසුරාදා ගණන් පංතියට එන්න ක්ෂිතිජ තීරණය කලා.

**********

වෙනදා පශ්චාත් ගාතයට ඉර අව්ව වැටෙන කං නිදා ගන්න ක්ෂිතිජ උදේ පාන්දර පංතියකට යන්න සූදානම් වුණු එක ගැන ක්ෂිතිජගේ අම්මත් බොහොම කැමති උණා. යාලුවො දෙන්න පංතියට එන කොට කවුරුවත් පෙන්න හිටියේ නැහැ.

´´ මචෝ කොල්ලො කීයක් පංතියේ ඉන්නවද ?`` ක්ෂිතිජට අහන්න ඕන උනේ  කෙල්ලො කීයක් ඉන්නවද කියලා උණත් මුලින් මුට්ටිය දාලා බලන්න තීරණය කලේ උදේ පාන්දරම යාලුවා ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න තිබුණු අකමැත්ත හින්දයි.

´´ වැඩිය නෑ බං.. මමයි.. උඹයි.. චරිතුයි.. පියුමිකයි.. විතරයි..``

´´ චරිත් කිව්වෙ මොන චරිත්ද? බබා චරිත් ද? ``

´´ නෑ බං.. ඌ නෙවෙයි.. බතල චරිත්.. පියුමිකව උඹ දන්නවනේ .. අර මියුසික් කරන්නේ.. බෑන්ඩ් එකේ ඉන්නේ..``

´´ ආ.. හරි හරි.. මට උන් දෙන්නව මතකයි... කෙල්ලො කවුද බං ඉන්නේ... `` ක්ෂිතිජ මුට්ටිය අස් කරලා ඔලුව දැම්මා.

´´ අන්න මල්ලි වැදගත්ම ප්‍රශ්නේ. කෙල්ලො දහයක් හතක් විතර ඉන්නවා... හැබැයි.. ලක්ෂිකා දිහා බලන්න තහනම්... හරී...``

´´ හරි හරි බං.. මං දන්නවනේ උඹ එකීට ට්‍රයි කියලා.. වෙන කවුද ඉන්නේ සිරා කෑලී.. `` ක්ෂිතිජ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න ගයාන්ට බැරි උණේ චරිත් එතනට ආපු නිසයි.

´´ ගුඩ් මෝනිං මචං.. උඹ වලක් බහින්නද ආවේ.. නැත්තම් පංතිද ?.. ``

´´ මූ අද ඉදන් අපේ පංතියට එනවා.. `` ගයාන් යාලුවා වෙනුවෙන් උත්තර දුන්නා.

´´ ආහ්.. ඒක හොදයි... හැබැයි ඉතිං මගේ එක ලයින් කරන්න යන්න එපා.. `` ඒක අවවාදයක්ද නැත්තම් තර්ජනයක්ද කියලා තේරුම් ගන්න කලින් කථාව නවත්තන්න වුණේ ලක්ෂිකා තව කවුද අංකල් කෙනෙක් එක්ක පංතියට ආපු නිසයි.

පංතියට ආපු ලක්ෂිකා පොත් ටික ඉස්සරහම පේළියෙන් තියලා ආපහු අංකල් ගාවට දුවලා ගිහින් මොන මොනවාදෝ කියනවා ක්ෂිතිජ දැක්කා.

´´ කවුද බං ගයාන් අර රැකවල් දේවදූතයා.. `` ක්ෂිතිජ එහෙම ඇහුවේ ලක්ෂිකාගේ තාත්තාව ඔලුවෙන් පෙන්නන ගමන්.

´´ ආ.. ඒ ඒකිගේ තාත්තා බං.. ක්ලාස් යන කොට , එන කොට පස්සෙන්ම යනවා.. ``

අංකල් ලක්ෂිකාව පංතියෙන් දාලා ක්ෂිතිජලගේ ඉස්සරහින් යන්න ගියා. දිග කහපාටයි කොල පාටයි කුඩේ නිසා අංකලුත් ක්ෂිතිජලගේ ඉස්කෝලෙට මොකක් හරි සම්බන්ධයක් ඇතියි කියලා ක්ෂිතිජට හිතුණා. තව ගෑණු ළමයි හතර පස් දෙනෙක් පංතියට ආවා.

´´ දහසක් මල් මැද එකම මලයි පැතුවේ.... `` චරිත් පුංචි සිංදු කෑල්ලක් කිව්වේ ලක්ෂිකාට ඇහෙන්නද නැත්තම් වෙන කෙල්ලෙකුට ඇහෙන්නද කියලා තෝර ගන්න කලින් ගයාන් චරිත්ට අතින් ඇන්නේ පංතියේ සර් ආපු නිසා.

´´ ආයුබෝවන්`` කියලා පියල් සර් පංතිය පටන් ගත්තා.

´´ කෝ බං.. පියුමිකයා... ``

´´ ඌ හැමදාම එන්නේ ලේට් වෙලා... මොකක් හරි මගුලක් කියනවා.... ``

´´ ගයාන් අද අපිට තියන්නේ කුලක පාඩම නේද ? ආ යාලුවෙකුත් එක්කං ඇවිත් තියෙන්නෙ`` පියල් සර් ඇහුවේ ක්ෂිතිජ දිහා බලන ගමන්.

´´ ඔව් පියල් අයියේ.. අද කුලක ගැන තමයි තියෙන්නේ.. මෙයා ක්ෂිතිජ... මගෙ හොදම යාලුවා.. ``

´´ හරි.. ඔයාලා මේ රූප සටහන ඇද ගන්නකෝ.. `` කියලා සර් බෝඩ් එකේ රූපයක් අදින්න පටන් ගත්තා.
´´ ලක්ෂිකා.. පැන්සලක් තියෙනවද .. ? ``

´´ආ... මෙන්න.. `` ලක්ෂිකා පිටිපස්ස පේලිය දිහාවට හැරිලා හිනා වෙලා ගයාන්ට පැන්සල දුන්නා.

´´ තෑන්ක්ස් ``

´´ මොකද බං උඹ ගාව පැන්සලක් තියා ගෙන ඒකිගෙන් පැන්සල් ඉල්ලන්න ගියේ..``

´´ අයියෝ .. උඹට ඕව තේරෙන්නෙ නෑ බං.. පස්සෙ කියන්නං.. ``

´´ එක්ස් කියුස් මී.. සර්..``

ලස්සන පුංචි කටහඩක් ඇහුණු නිසා සේරමලා පිටිපස්ස හැරිලා බැලුවා. දැකපු දර්ශනෙන් ක්ෂිතිජ අන්දමන්ද වුණා. එදා ගයාන් ලගේ ගෙදර දැකපු ඒ පුංචි ලස්සන කෙල්ල අද පොත් මිටියකුත් තුරු෾එ කරන් හිනා වෙවී පංතිය ගාව හිටන් ඉන්නවා. ගයාන් ක්ෂිතිජට අතින් ඇන්නා.

´´ මොකෝ බං.. අනින්නේ.. ``

´´ යකෝ.. උඹේ කට වහ ගනින්.. බ්‍රේක් නැති මැස්සෙක් ආවොතින් කෙලින්ම ආමාෂයට ගිහිල්ලයි නවතින්නේ.. ලෙඩේ හොයා ගන්නත් බැරි වෙනවා.. ``

ඒ කථාව ඇහුණු ලක්ෂිකාට කට කොණින් හිනා ගියා.

´´ ආ.. ඔයා එන්න ඇතුළට`` පියල් සර් සුපුරුදු ලෙන්ගතුකමින් අලුත් සාමාජිකාවත් පංතියට පිළිගත්තා. ලක්ෂිකා අලුත් මිතුරිය තමන්ගේ බංකුවෙන්ම වාඩි කරගත් නිසා ක්ෂිතිජට හිතුණා ලක්ෂිකාත් තමන්ගේ සිහින කුමරියත් හොද යාලුවෝ වෙන්න ඇති කියලා.

´´ ඔය දුවගේ නම මොකක්ද ?``

´´ සර්.. මං.. ස.... යු..... රි... `` ඒ නම කන් දෙක ඇතුලෙන් ගිහින් පපුවටම කිදා බහිනවා වගේ ක්ෂිතිජට දැනුනා.

සයුරි  පංතියට ආපු වෙලාවේ ඉදන් ක්ෂිතිජගේ ඔලුව ගණන් වලට වැඩ කලේ නැහැ. ඒක ගයාන්ට හොදට තේරුණා.

´´ මේ එදා අර බත් සීන් එකට උඹ චාටර් වෙච්ච කෙල්ල නේද ? ``

´´ හ්ම්.. ``

´´ එදා චාටර් වුණා වගේ අද මෙතැන චාටර් වෙන්න එපා.. පළවෙනි දවසෙම... ``

´´ මට මචං මේකි දැක්කම මොනවදෝ වෙනවා බං.. ``

´´ අපෝ බං... මූ ෆස්ට් ඩේ එකේම යාලුවෙලා.. කසාද බැඳලා.. හනිමුන් එකටත් ගිහින් නේ.. `` චරිත් එහෙම කියන කොට ක්ෂිතිජට හිනා ගියත් ගයාන් මල පැනපු මූඩ් එකක් දා ගෙන හිටියා.

´´ වැඩේ අල කර ගන්නෙ නැතුව හිටපං.. මං පස්සෙ සපෝර්ට් එකක් දෙන්නම්.. `` ගයාන් ක්ෂිතිජගේ කණට ලං කරලා කිව්වා.

´´ එළ කිරි මචං``

පැය දෙකකින් විතර ගණන් පංතිය ඉවර වුණා.

´´ ලක්ෂිකා.. ලක්ෂිකා.. මෙන්න පැන්සල... තෑන්ක්ස්... දහම් පාසල් විභාගේ ලබන සතියෙද.. නැත්තම් ඊළග සතියෙද .. ``

´´ ලබන සතියෙ ගයාන්.. ඔයා ලෑස්තිද.. ``

´´ තාම නෑ.. අලුත් යාලුවා දැකලා පුරුදුයි... අපේ අක්කාව අදුරනවා මං හිතන්නේ.. ``

´´ ඔව් ඔව්.. ඔයාලාගේ අක්කලා එක්ක තමයි ගයිඩින් කරන්නේ.. මේ ඔයාගේ යාලුවෙක් ද ?``

´´ මේ ක්ෂිතිජ``

´´ හෙලෝ.. ``

´´ හෙලෝ ලක්ෂිකා``

´´ අපි එහෙනම් යන්නම් ලක්ෂිකා.. බායි.. ``

´´ ඕකේ... බායි.... ``

ලක්ෂිකා කෙල්ලො සෙට් එකත් එක්ක පංතියෙන් එළියට පිට උණා.

´´ තෑන්ක්ස් මචං.. ``

´´ ඒකනේ කිව්වේ චාටර් වෙන්නෙ නැතුව හිටපං කියලා.. සපෝර්ට් එකක් දෙන්නම් කියලා.. ``

´´ තෑන්ක්ස් මචෝ.. ``

´´ ඒවා හරියන්නේ නෑ .. අද උඹ ගානේ යන ගමන් බේකරියට අල්ලන්න  ඕන... ``

´´ අපෝ හරි බං.. උඹට ගල් බනිසක් අරන් දෙන්නම්..``

යාලුවෝ දෙන්නා පංතියෙන් එළියට එනකොට පියුමිකයා පංතියෙ එළියෙ ඉන්නවා.

´´ මොකෝ බං පංති ආවේ නැත්තේ ? ``

´´ බෑන්ඩ් ප්‍රැක්ට්‍රිස් වලට අහුවුණා බං.. ක්ෂිතිජ .. කොහොමද ? පංතියට සෙට් උනාද ? ``

´´ ඔව් බං.. ``

´´ ඕකේ මචං අපි කැපුණා.. ලබන සතියේ ඉදන් වරෙන් පංති කට් කරන්නෙ නැතුව... ``

´´ හරි හරි මං පියල් අයියව හම්බුවෙලා එන්නම්.. ``

යාලුවො දෙන්නා පියුමික පංතිය ඇතුළට යනකං බලන් ඉදලා ආපහු යන්න පිටත් උණා.

**********

ලබන සතියේ (2011.08.01) රැග් දෙන්න ආපු අයියලා කියවන්න

(සියලු හිමිකම් ඇවිරිණි.) සම්පත් ප්‍රියදර්ශන කොඩිකාර ආරච්චිගේ-2011. උපුටා ගැනීම, පිටපත් කිරීම, ඕනෑම මාධ්‍යක නැවත පළ කිරීම, මුද්‍රණය සඳහා කරුණාකර කතෘ අමතන්න. දුර. 0773-951015

FLASH VERSION DOWNLOAD: http://www.mediafire.com/?u37lq80656fdefk




No comments:

Post a Comment